Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උඩවලව වේල්ල හරහා මාර්ගය වසා දැමේ

3 years ago

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් උඩවලව වේල්ල හරහා මාර්ගය වසා දැමීමට තීරනය කර තිබෙනවා.

ඒ අනුව,දෙසැම්බර් 15වනදා සිට ජනවාරි 15වනදා දක්වා අදියර කීපයක් ඔස්සේ එම මාර්ගය වසා දැමෙන බව කාර්යභාර්ය ඉංජිනේරුවරයා විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මෙහිදි මෙම මස 15 දින සිට 22 දින දක්වා ඉහත මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමෙන අතර 2023/12/23 දින සිට 2024/01/06 දින දක්වා එක් මං තීරුවක් වසා දමනු ඇති.

එමෙන්ම, 2024/01/07 සිට 2024/01/14 දින දක්වාද මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමෙන බවත්, 2024/01/15 දින සම්පූර්ණයෙන්ම නැවත මාර්ගය ගමනාගමනය සඳහා විවෘත කරන බවත් එම නිවේදනයේ සඳහන්.

මාර්ගය වසා දැමෙන කාලසීමාව තුල විකල්ප මාර්ග ලෙස උඩවලව, ඇඹිලිපිටිය හරහා 13 කණුව දක්වා වන මාර්ගය භාවිත කිරිමේ හැකියාව පවතිනවා.