වසර 6 කට පසු ආසියානු කුසලාන වයස අවුරුදු 19 පහළ එක්දින ක්රිකට් තරගාවලියක මූලික වටයෙන් ඉවත් වීමට ශ්රී ලංකා යොවුන් ක්රිකට් කණ්ඩායමට ඊයේ සිදු වුණා.
ඒ බංග්ලාදේශ කණ්ඩායම සමග අද පැවති තරගය කඩුලු 6 කින් පරාජය වීමත් සමඟයි.
ඩුබායිහි පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා ක්රිඩකයන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 199 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ බංග්ලාදේශ ක්රිඩකයන් පන්දුවාර 40යි පන්දු 5කදී කඩුලු 4ක් දැවී ලකුණු 204ක් රැස් කර ගෙන සටනකින් තොරව තරගය ජය ගත්තා.
මීට පෙර මූලික වටයේදී එක්සත් ආරාබි එමිර් රාජ්ය කණ්ඩායම හමුවේ ද ශ්රී ලංකා යොවුන් ක්රිඩකයින් පරාජයට පත් වුණා.

