Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට වැඩ වරදියි! ලක්ෂ 5ක් ගෙවන ලෙස අධිකරණයෙන් නියෝගයක්!

3 years ago

2010 වසරේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන , නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.

ඒ පාදුක්ක ප්‍රදේශයේ පදිංචි රංජිත් සුමංගල නමැත්තකු ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුව ලබා දෙමින්.

ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි එවක පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන්,  විශ්‍රාමික හමුදා සැරයන් මේජර් අජිත් වනසුන්දර ඇතුළු නිලධාරින් තුන්දෙනෙකුට 11, 12(1), 13(1) සහ 13(2) යන වගන්ති උල්ලංඝණය කිරීම හේතුවෙන්  ඔවුන්ගේ පෞද්ගලික මුදල් වලින් ලක්ෂ 05 බැගින් ගෙවන ලෙස නියෝග කළා.

මෙහිදී,  සරිතා ද ෆොන්සේකා, තිළිණි විදානගමගේ සහ විරාන් කොරයා යන නීතීඥවරු පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි අතර එස්.එස්.සී ඉඳුනි පුංචිහේවා මහතා පොලිසිය සහ නීතිපති වෙනුවෙන් පෙනී සිටියා.

එස්. තුරෙයිරාජා මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දුන්නා.