Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

IPL වෙන්දේසියේ දොර ඇරුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පාකිස්තානයේ දොර වැසෙයි

3 years ago

ලෝකයේ පැවැත්වෙන ප්‍රධාන ලීග් ක්‍රිකට් තරඟාවලියක් ලෙස සැලකෙන පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකාවෙන් මෙවර තේරී පත්ව ඇත්තේ වනිඳු හසරංග පමණයි.

කෙසේවෙතත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලොව ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරඟාවලිය වන IPL තරඟාවලයේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 08 දෙනෙකු ඉකුත්දා තෝරා ගැණුනා.

එවන් පසුබිමකයි IPL තරම් ජනප්‍රිය නොවූ PSL තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් එක් ක්‍රීඩකයින් පමණක් තේරීපත්ව ඇත්තේ.

කෙසේවෙතත් මෙවර පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා එංගලන්ත ක්‍රීඩකයින් 17 දෙනෙකු, දකුණු අප්‍රිකාවේ ක්‍රීඩකයින් 09 දෙනෙකු, ඇෆ්ගනිස්තාන ක්‍රිඩකයින් තිදෙනෙකු ඇතුලත්වී තිබෙනවා.