යාපනයේ පේදුරුතුඩුව ප්රදේශයේදී බෑනෙකු විසින් මාමණ්ඩියට ඊයේ (13) පහරදී තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබු යාපනය රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බවයි.
පහර දුන් බෑනා සාදයකට ගොස් බිමත්ව නිවසට පැමිණ ඇති අතර මාමණ්ඩිය අවවාද කර තිබෙන බවයි සඳහන් වන්නේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 51ක පේදුරුතුඩුව ප්රදේශයේ පදිංචිකරුවෙක්.
අදාළ පුද්ගලයා පහරදීමෙන් පසු පලා ගොස් මිතුරෙකුගේ නිවසේ සැඟවී සිට ඇති අතර එහිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් පේදුරුතුඩුව පොලිසිය පවසන්නේ අදාළ සිදුවීම පිලිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බවයි.

