සියලුම රජයේ සිංහල, දෙමළ සහ මුස්ලිම් මාධ්‍ය පාසල් හා පිරිවෙන් 2024 අධ්‍යාපන කටයුතු අදියර කීපයක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල් හා පිරිවෙන් 2024 පෙබරවාරි 19 වැනිදා සිට අප්‍රේල් 10 දක්වා පළමු වාරයේ පළමුවන අදියරද, අප්‍රියල් 24 වැනිදා සිට මැයි මස 03 වැනිදා දක්වා පළමු වාරයේ දෙවැනි අදියරද ක්‍රියාත්මක වේ. පළමු වාරයේ තෙවැනි අදියර 2024 ජුනි 10 වැනිදා සිට එම මාසයේ 25 වැනිදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.
2024 දෙවැනි පාසල් වාරය ජූලි මස 01 වැනිදා ආරම්භ වී සැප්තැම්බර් මස 13 වැනිදා අවසන් වීමට නියමිතව ඇත.
තෙවන පාසල් වාරයේ පළමු වන අදියර 2024 සැප්තැම්බර් 23 වැනිදා ආරම්භ වී නොවැම්බර් 22 වැනිදා අවසන් වේ. තෙවැනි වාරයේ දෙවැනි අදියර 2025 ජනවාරි මස 02 වැනිදා ආරම්භ වී එම මාසයේම 31 වැනිදා අවසන් වීමට නියමිතව ඇත.
මේ අතර මුස්ලිම් පාසල් පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන්ද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. ඒ අනුව පළමු වාරයේ පළමු වන අදියර 2024 පෙබරවාරි මස 19 වැනිදා සිට මාර්තු 07 වැනිදා දක්වාද, දෙවැනි අදියර අප්‍රේල් 15 සිට මැයි 03 වැනිදා දක්වාද ක්‍රියාත්මක වේ. පළමු වාරයේ තෙවැනි අදියර 2024 ජුනි 10 වැනිදා ආරම්භ වී ජූලි 05 වැනිදා අවසන් වීමට නියමිතව ඇත.
2024 දෙවැනි පාසල් වාරය ජූලි 08 වැනිදා ආරම්භ වී සැප්තැම්බර් 13 වැනිදා අවසන්වීමට නියමිතව ඇත.
සියලුම මුස්ලිම් පාසල්වල තුන්වන වාරයද අදියර දෙකකින් පැවැත්වීමට තීරණය කර ඇත. ඒ අනුව තෙවැනි වාරයේ පළමුවන අදියර 2024 සැප්තැම්බර් මස 23 වැනිදා ආරම්භ වී දෙසැම්බර් මස 11 වැනිදා දක්වාද, දෙවැනි අදියර 2025 ජනවාරි මස 02 වැනිදා සිට එම මාසයේ 31 වැනිදා දක්වාද ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.

