Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ෂම්මි සිල්වාගේ පෙත්සම අභියාචනාධිකරණයෙන් ඉවතට

3 years ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ඉදිරිපත් කළ පෙත්සම් විභාගය අවසන් කිරීමට අභියාචනාධිකරණය අද (15) තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් ඉදිරියේ දී යම් සාධාරණ නීතිමය අවශ්‍යතාවයක් මතු වුවහොත් එම පෙත්සම යළි කැඳවීමට පෙත්සම්කරුවන්ට අයිතිය ලබා දෙමින් පෙත්සම් විභාගය අවසන් කරන බවත් විනිසුරු මඩුල්ල නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.