ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සමීපතම ආරංචි මාර්ගවලට අනුව විදෙස් පුහුණුකරුවන්ට වඩා දේශීය පුහුණුකරුවන්ට වැඩි ප්‍රමුඛස්ථානයක් ලබාදීමට සනත් ජයසූරිය තීරණය කර තිබේ.
ඒ අනූව චමින්ද වාස්, උපුල් චන්දන, රංගන හේරත්, ටී.එම්. ඩිල්ෂාන්, අවිශ්ක ගුණවර්ධන සහ තිළිණ කණ්ඩම්බි ආදී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ඉදිරියේදී පුහුණුකරුවන්ගේ භූමිකාව සඳහා කැදවීමට නියමිතව බව වාර්තා වේ.
පසුගිය කාල සීමාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාර තනතුරු සඳහා විදේශීකයන් බඳවා ගැනීම පිළිබඳව දැඩි විවේචන එල්ල විය.

