Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සිසුවෙකුට වේවැලෙන් ගැසූ විදුහල්පතිට වැඩ වරදී! ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙස අධිකරණයෙන් නියෝගයක්!

3 years ago

මෙයට වසර දහයකට පෙර වයස අවුරුදු 15ක් වූ දරුවෙකු වේවැලෙන් පහර දී කෘෘරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවලට විදුහල්පතිනියක් වරදකාරියක බව අධිකරණය තීන්දු කර තිබෙනවා.

අදාළ තීන්දුවේ සඳහන් වන්නේ, එවක කළුතර – දොඩන්ගොඩ පාසලේ විදුහල්පතිනිය ලෙස කටයුතු කළ කාන්තාව විසින් රුපියල් මිලියනයක වන්දියක් අදාළ සිසුවාට ගෙවිය යුතු බවයි.

වෙසක් පහන් කූඩු තරඟයකදී සිසුවා ජයග්‍රහණය කර දිනාගත් මුදල් චෙක්පත සහ සහතිකය විදුහල්පතිනිය වන තමාට ලබාගැනීමට ඉඩ නුදුන් බව පවසමින් සිසුවාට පාසලේදී ප්‍රසිද්ධියේ පහරදී තිබෙනවා.

නඩුවේදී ඔප්පු වී ඇත්තේ, අනෙක් ගුරුවරුන්ද අදාළ සිසුවා ඉන්පසුව නොසලකා හැර තිබෙන බවයි.

විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ, මෙම වරදට සිරදඬුවම්ද නියම කළ හැකි වුවත් ඇය විසින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කර ඇති යහපත් දායකත්වය නිසා ලිහිල් දඬුවමක් නියම කරන බවයි.(source – news19.lk)