Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වයස අවුරුදු 35ට අඩු පුද්ගලයන් මුහුණ දෙන බරපතළ සෞඛ්‍ය ගැටලුවක් ගැන සමීක්ෂණයකින් හෙළි වෙයි

3 years ago

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිදුවන මරණවලින් 80% කට හේතුව බෝ නොවන රෝග බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, වයස 35 ට අඩු ජනගහනයෙන් 15% ක් දියවැඩියාවෙන් හා 35% ක් අධික රුධිර පීඩනයෙන් පෙලෙන බවයි.

එයට ප්‍රධාන හේතුව ශරීර සුවතා පිළිබඳ වැඩි උනන්දුවක් නොදැක්වීම බව සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

ශරීර සුවතා ඒකක ඉදිරියේදී රජයේ රෝහල් තුළ ස්ථාපිත කිරිමට සැලසුම් කර ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.