Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෙවර සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලින් ප්‍රසිද්ධ පාසල් පිහිටි කලාප පරදවමින් විශිෂ්ටතම ප්‍රතිඵල තණමල්විල කලාපයෙන් වාර්තා වෙයි! ඉහළම ප්‍රතිඵල වාර්තා කළ කලාප 10 මෙන්න!

3 years ago

2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වූ දිවයින පුරා පිහිටි අධ්‍යාපන කලාප සියය අතරෙන් දිවයිනේ මුල්තැන තණමල්විල අධ්‍යාපන කලාපයට හිමිවී ඇත.

තණමල්විල කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂක බුද්ධික කරුණාදාස මහතාගේ මඟපෙන්වීම මත පාසල් ගුරු භවතුන් පාසල් වේලාවෙන් පසුව නොමිලේ රාත්‍රී කාලයේදී පවා පන්ති පැවැත්වීමත් විෂය කරුණු සඳහා දුර්වල ළමුන් හඳුනාගෙන ඔවුන් පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඉගැන්වීමේ කටයුතු සිදුකිරීමත් නිසා මෙවැනි ප්‍රතිඵලයක් ලැබුණු බව දෙමව්පියෝ පවසති.

තණමල්විල කලාපය යනු දිවයිනේ පිහිටි අතිදුෂ්කරම අධ්‍යාපන කලාපයකි.

තණමල්විල අධ්‍යාපන කලාපයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1375 දෙනෙකු විභාගයට පෙනී සිට එයින් 1218 දෙනෙකු සමත්ව ඇත.එහි ප්‍රතිශතය 88.58%කි.

මෙවර විශේෂත්වය වන්නේ විශිෂ්ටතම ප්‍රතිඵල වාර්තා කළ කලාප ත්‍රිත්වයම නාගරික කලාප නොවීමයි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ටතම ප්‍රථිපල වාර්තා කළ කලාප 10 පහතින්.
1.තණමල්විල (88.58%)
2.වලස්මුල්ල (86.36%
3.මඩකපුව (84.74%)
4.නුවර (82.90%)
5.කුරුණෑගල (81.46%)
6.ගම්පහ (80.84%)
7.කල්මුණේ (80.44%)
8.මහඔය (79.70%)
9.කොළඹ (79.66%)
10.මූලටියන (හක්මන) (79.57) (මෙම ප්‍රතිශත සැකසීම අධ්‍යාපන අමාත්‍යාංශය සිදු කර ඇත්තේ පළමුවරට විභාගයට මුහුණදුන් සිසුන්ගේ ප්‍රතිඵල පදනම් කර ගනිමිනි)