කහවත්ත, වැල්ලදුර ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියට ඇගේ දියණිය අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 13 වැනිදා අලුයම තියුණු ආයුධකින් ගෙල කපා ඝාතනය කර තිබූ 71 හැවිරිදි අදාළ කාන්තාවගේ මළ සිරුර ඇයගේ නිවසේ තිබී සොයා ගැනිණි.
මෙලෙස ඝාතනය කර තිබුණේ ගුවන් විදුලි නිවේදකයකු මෙන්ම මාධ්‍යවේදියකු වන ජානක සුනෙත් බණ්ඩාර මහතාගේ මවයි.
එම කාන්තාව සිය දියණිය සමඟ නිවසේ පදිංචි ව සිට ඇති අතර, දියණිය නිවසින් බැහැර ව ගිය අවස්ථාවක ඝාතනය සිදු ව තිබූ බව සඳහන්ය.
මෙම සැකකටයුතු ඝාතනය සම්බන්ධයෙන් කහවත්ත පොලීසිය විමර්ශන ආරම්භ කර තිබූ අතර, ඝාතනය සිදු කර ඇත්තේ, එම කාන්තාවගේ දියණිය බවට එහි දී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
ඒ අනුව 38 හැවිරිදි සැකකාරිය අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

