ආජන්ටිනා පාපන්දු නායක ලියනොල් මෙසී 2022 FIFA ලෝක කුසලානයේ ප්‍රංශය සමඟ පැවැති අවසන් මහා තරගයේදී පැලඳ සිටි ජර්සිය ඇතුළු ජර්සි 6ක් අමෙරිකා ඩොලර් මිලියන 7.8ක මුදලකට අලෙවි වී තිබේ.
ඔස්ට්‍රේලියාවට එරෙහිව 16 දෙනාගේ වටයේ දී නෙදර්ලන්තයට එරෙහිව අර්ධ අවසන් පූර්ව තරගයේ දී ක්‍රොඒෂියාවට එරෙහිව අවසන් පූර්ව තරගයේ දී මෙන්ම කණ්ඩායම් අදියරේ තරග දෙකේ දී මෙසී විසින් පැලඳ සිටි ජර්සි මෙම වෙන්දේසියට ඇතුළත් වූ බව විදෙස් මාධ්‍යය පවසයි.
ලංසු තැබීම අවසන් වූ පසුගිය 14 වනදා වන විට ඒ සඳහා ඩොලර් 7,803,000ක් ඉදිරිපත් වී තිබුණි.
වෙන්දේසියෙන් ලැබෙන ආදායමෙන් කොටසක් බාසිලෝනා හි San Joan de Déu ළමා රෝහලට පරිත්‍යාග කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

