2024 වර්ෂය සඳහා රජයේ පාසල්වල අධ්‍යාපන කටයුතු අදියර කීපයක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල් මෙන්ම පිරිවෙන් ද 2024 පෙබරවාරි 19 වැනිදා සිට අප්‍රේල් 10 දක්වා පළමු වාරයේ පළමුවන අදියරද, අප්‍රේල් 24 වැනිදා සිට මැයි මස 03 වැනිදා දක්වා පළමු වාරයේ දෙවැනි අදියර ද ක්‍රියාත්මක කරන බවයි වාර්තා වන්නේ.
2024 ජුනි 10 වැනිදා සිට 25 වැනිදා දක්වා පළමු වාරයේ තෙවැනි අදියර ක්‍රියාත්මක වීමට නියමිතයි.
2024 දෙවැනි පාසල් වාරය ජූලි මස 01 වැනිදා ආරම්භ වී සැප්තැම්බර් මස 13 වැනිදා අවසන් වන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටින්නේ.
2024 සැප්තැම්බර් 23 තෙවන පාසල් වාරයේ පළමු වන අදියර ආරම්භ වී එය නොවැම්බර් 22 වැනිදා අවසන් වෙනවා.
තෙවැනි වාරයේ දෙවැනි අදියර 2025 ජනවාරි මස 02 වැනිදා ආරම්භ වී එම මාසයේම 31 වැනිදා අවසන් වීමට නියමිතයි.
එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2024 සඳහා මුස්ලිම් පාසල් පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් ද නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව පළමු වාරයේ පළමු වන අදියර 2024 පෙබරවාරි මස 19 වැනිදා සිට මාර්තු 07 වැනිදා දක්වාද, දෙවැනි අදියර අප්‍රේල් 15 සිට මැයි 03 වැනිදා දක්වාද ක්‍රියාත්මක වෙනවා.
එමෙන්ම පළමු වාරයේ තෙවැනි අදියර 2024 ජුනි 10 වැනිදා ආරම්භ වී ජූලි 05 වැනිදා අවසන් වීමට නියමිත බවද සඳහන්.
2024 දෙවැනි පාසල් වාරය ජූලි 08 වැනිදා ආරම්භ වී සැප්තැම්බර් 13 වැනිදා අවසන් වීමට නියමිතයි.
සියලුම මුස්ලිම් පාසල්වල තුන්වන වාරයද අදියර දෙකකින් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව 2024 සැප්තැම්බර් මස 23 වැනිදා තෙවැනි වාරයේ පළමුවන අදියර ආරම්භ වන අතර දෙසැම්බර් මස 11 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙනවා.
දෙවැනි අදියර 2025 ජනවාරි මස 02 වැනිදා සිට එම මාසයේ 31 වැනිදා දක්වා පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් සාමාන්‍ය ආකාරයට නම් රජයේ පාසල් සහ පිරිවෙන් වසරකට දින 210 ක් පැවැත්විය යුතු වෙනවා.

