Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

wanindu hasaranga

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ වගකීම වනිඳුට?

3 years ago

උපුල් තරංගගේ සභාපතීත්වයෙන් යුත් නව තේරීම් කමිටුව ශ්‍රී ලංකා 20-20 ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදු කිරීමට තීරණය කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයට තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගව පත්කිරීමට අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

වනිඳු හසරංග මේ දක්වා තරග 58කට ක්‍රීඩා කර ඇති අතර ඔහු දවාගෙන ඇති 20 – 20 කඩුලු සංඛ්‍යාව 91කි.

ICC විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල මේ වනවිට ඔහු 03 වැනි ස්ථානයේ පසු වේ.

2021 වසරේ දී ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්හි නිත්‍ය නායකයා ලෙස දසුන් ශානක පත් කළ අතර, 2023 එක්දින ලෝක කුසලානය අතරතුර දී අබාධයක් හේතුවෙන් ඔහුව ඉවත් කර තාවකාලිකව නායකත්වයට කුසල් මෙන්ඩිස් පත් කිරීමට එවකට තේරීම් කමිටුව කටයුතු කළේය.

කෙසේ වෙතත් එක්දින නායකත්වය සම්බන්ධයෙන් නව තේරීම් කමිටුව තවමත් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.

ක්‍රිකට් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ. ටෙස්ට් නායකත්වය දිමුත් කරුණාරත්නටම ලබාදීමට නව තේරීම් කමිටුවත් කටයුතු කරන බවයි.