Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්

3 years ago

දරුවන්ගේ සහ මවුපියන්ගේ පීඩනය අවම කිරීම සඳහා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන වසරේදී සරල කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

ශිෂ්‍යත්ව විභාගයේදී සාක්‍ෂර හැකියාව සහ අංකන හැකියාව මැන බැලීමට ප්‍රමුඛත්වය දෙන බවද අමාත්‍යවරයා කීවේය.

ඉදිරියේදී ශිෂ්‍යත්ව ලකුණු මෙන්ම 4 සහ 5 ශ්‍රේණිවල පන්ති කාමරයේදී ඇගයීම් වලින් සියයට තිහක් ලකුණු ලබාගත යුතු බවත් ඒ සඳහා දරුවන් අඛණ්ඩව පාසල් පැමිණීම වැදගත් බවත් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් යෝජනා ගණනාවක් ලැබී ඇති බවත් එම යෝජනා අධ්‍යයනය කරමින් සිටින බවත් ඔහු පැවසීය.

ශිෂ්‍යත්ව විභාගයේ සංකීර්ණ භාවය දරුවන්ගේ මනසට විශාල පීඩාවක් බව අධ්‍යාපනඥයෝ සහ මනෝ වෛද්‍ය විශේෂඥයෝ දීර්ඝ කාලයක් තිස්සේ රජයට පෙන්වා දෙති.

මේ අතර අධ්‍යාපනයේ වෙනස්කම් රැසක් ලබන වසරේදී ඇති කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.