බදාදා අළුයම එංගලන්තයේ නොටිංහැම් හීදී සිදුවූ මෝටර් රථ අනතුරකින් මෙරට ජීවත් වූ ශ්‍රි ලාංකිකයෙකු වන ඕෂධ ජයසුන්දර නැමති තරුණයෙකු මියගොස් ඇති බව බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කරනවා.
එංගලන්තයේ පොලීසිය විසින් මෝටර් රථයක් ලුහුබඳිමින් සිටින අවස්ථාවක පොලිස් අණ නොතකා ධාවනය කල මෝටර් රථයක ගැටී, පදිකයෙකු ලෙස ගමන් කල මොහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
බදාදා අලුයම නොටිංහැම් නගර මධ්‍යයේදී සිදුවූ මෙම අනතුරින් ඕෂධ එම ස්ථානයේදීම මියගිය බව ප්‍රකාශ කරන පොලිසිය ගිලන් රථ සේවාව මගින් ඔහුට හදිසි ප්‍රතිකාර ලබාදුන්නද එහි ප්‍රථිඵලයක් නොවූ බව සඳහන් කරයි.
අනතුර සම්බන්ධයෙන් 27 හැවිරිදි පුද්ගලයෙකු මේ වන විටත් අත්අඩංගුවට ගෙන තිබෙනව.
අනතුර සිදුවූ ප්‍රදේශයේ ශිෂ්‍යයන් රැසක් ජීවත් වන සහ සමාජ ශාලා බහුල ප්‍රදේශයක් බැවින් එම ප්‍රදේශය සෑම විටම ඉතා කාර්‍ය්බහුල බව පොලිසිය ප්‍රකාශ කරනවා.
මියගිය ඕෂධ ජයසුන්දර අධ්‍යාපනය සඳහා මෑතකදී බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූ බවයි වාර්තා වන්නේ.

