Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රංගනයෙන් මෙරට රසික සිත් වසගයට ගත් ලයනල් වික්‍රමයන් දිවි රඟමඩලට සමුදෙයි

3 years ago

ප්‍රවීණ රංගන ශිල්පි ලයනල් වික්‍රම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අසනීප තත්වයකින් පසුවූ ඔහු අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු මියයන විට අවුරුදු 77 වන වියේ පසුවුණා.

තිස්ස අබේසේකරගේ ‘කරුමක්කාරයෝ’(1980) චිත්‍රපටයටය තුළින් රංගනයට පිවිසි ඔහු එහි බේබි මහත්තයාගේ චරිතය නිරූපනය කළා.

මෙරට නිෂ්පාදිත පළමු ටෙලිනාට්‍ය ලෙස රූගතවුවද විකාශනය වනවීට ලංකාවෙ හතරවෙනි ටෙලිනාට්‍යය වන “ගඟුලෙන් එගොඩට” සඳහාද ලයනල් වික්‍රමයන් රංගනයෙන් දායක වී තිබෙනවා.

ඉන් අනතුරුව සිය රංගන දිවිය තුළ සම්මානනීය චිත්‍රපටි හා ටෙලිනාට්‍ය රැසකට දායක විය.

මනා පෞරුෂයකින් හෙබි ලයනල්ව බොහෝ විට තෝරා ගැනුණේද කුලවත් චරිත නිරූපණයන් සඳහාය.