Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සුපිරි නළු ෂාරුක් කාන් ආසියාවෙන් පළමු තැනට

3 years ago

බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් 2023 වසරේ ජනප්‍රියම පුද්ගලයින් අතර ආසියාවේ පළමු ස්ථානයේ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිනමාව, රූපවාහිනිය, සංගීතය, සාහිත්‍ය, කලාව, සමාජ මාධ්‍ය ඔස්සේ කැපී පෙනෙන මෙහෙවරක් කළ සහ ජනප්‍රියත්වයට පත්වුණු පුද්ගලයන් මෙම ලැයිස්තුවට ඇතුළත් කර ඇත.

මෙම 2023 වසරේ ආසියාවේ ජනප්‍රියතම පුද්ගලයන්ගේ ලැයිස්තුව සකස් කර ඇත්තේ මහා බ්‍රිතාන්‍යයේ ඊස්ටර්න් අයි පුවත්පත වේ.

ඊස්ටර්න් අයි පුවත්පත සකස් කළ ආසියාවේ ජනප්‍රිය පුද්ගලයින්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය ආලියා භාත් වන අතර තෙවැනි ස්ථානය ප්‍රියන්කා චොප්රා හිමිකර ගෙන ඇත.