මෙවර සිරිපා වන්දනා වාරයේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සහ රෙගුලාසි ගැසට් මගින් ප්‍රකාශයට පත් කරලා තියනවා.
මේ මස 26 වනදාට යෙදෙන උදුවප් පොහොයෙන් ඇරඹෙන සිරිපා වන්දනා වාරය ලබන වසරේ මැයි මස 24 වනදාට යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනයෙන් අවසන්වීමට නියමිතයි.
ඒ අනුව රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් මීට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ සිරිපා මලුව සහ විශ්‍රාම ශාලා ප්‍රදේශවල මෙන්ම ගමන් මාර්ගයේද සංචාරක වෙළඳාම තහනම් බවයි.
අවසර ලද ස්ථානවල හැර අනෙක් ස්ථානවල පූජා භාණ්ඩ, පූජා වට්ටි, ආහාර ද්‍රව්‍ය අලෙවි නොකළ යුතුයි. මත්පැන්, දුම්වැටි හෝ වෙනත් කිසිවක් රැගෙන යාම මෙන්ම වෙළඳසැල්වල තබාගැනීම තහනම් කර තිබෙනවා.

