Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලබන වසරේ පළමු ශ්‍රේණිය ආරම්භ කරන දිනය ගැන දැනුම්දීමක්

3 years ago

රජයේ සහ රජය අනුමත කළ පුද්ගලික පාසල්වල ලබන වසර සඳහා පළමුවන ශ්‍රේණියේ සිසුන්ට විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීම 2024 පෙබරවාරි 22 දින සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එදින නවක සිසුන් පිළිගැනීම සඳහා සිසුන්ට හා දෙමාපියන්ට අපහසුතාවයන් ඇති නොවන පරිදි සුදුසු වැඩ පිළිවෙලක් යොදන ලෙස අමාත්‍යාංශය චක්‍රලේඛයක් මගින් විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබෙන බවයි සඳහන් වන්නේ.

විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීමට පෙර පෙබරවාරි 02 වන දා සිට 16 වනදා දක්වා එම දරුවන් හඳුනා ගැනීම සඳහා නියමිත වැඩසටහන් ක්‍රියාත්මක කලයුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට දන්වා තිබෙනවා.