ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වූ JN.1 නමැති නව කොවිඩ් වෛරස ප්‍රභේදය තවත් රටවල් කිහිපයකට පැතිර යෑමේ අවදානමක් පවතින බවට තොරතුරු වාර්තා වෙනවා.
සිංගප්පූරුවේ සහ ඇමෙරිකාවේ ද ආසාදිතයන් වැඩි වීමක් පෙන්නුම් කරන බවයි වාර්තා වෙන්නේ.
එමෙන්ම මේ වන විට ඇමෙරිකාවේ ද කොවිඩ් 19 ආසාදිතයන්ගේ වැඩිවීමක් දකින්න ලැබෙන අතර ඊට හේතුව ද JN.1 වෛරසය ප්‍රභේදය බව එරට වසංගත රෝග පාලනය සහ ව්‍යාප්තිය වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසනවා.
අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ නිරතුරු අනුගමනය කරමින් කටයුතු කිරීම තුළින් මෙම තත්ත්වය පාලනය කර ගත හැකි බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

