Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

චාමර වීරසිංහ ප්‍රතිකාර ලබන කළුබෝවිල රෝහලෙන් ඉල්ලීමක්

3 years ago

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු ප්‍රසිද්ධ ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

ඔහු මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ යි.

දැඩි සත්කාර ඒකකය ඉදිරිපිට දැන්වීම් පුවරුවක් ද සවි කර ඇති අතර, ඔහු බැලීම සඳහා අවසර හිමි නොවන බවට එහි දක්වා ඇති බවයි පැවසෙන්නේ.

විශාල රසික පිරිසක් ඔහුගේ සැප දුක බැලීම සඳහා පැමිණීම රෝහලට මෙන්ම ඔහුට ද විශාල අපහසුතාවයක් ඇති කරන බව රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ.

එම නිසා කිසිවෙකුත් මේ මොහොතේ චාමර වීරසිංහ බැලීම සඳහා රෝහලට පැමිණීමෙන් වළකින ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.