Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

3 years ago

2023 වසරේ රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරයේ පළමු අදියර හෙට (22) දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව තෙවන පාසල් වාරයේ දෙවන අදියර පෙබරවාරි මස 1 වන දින ආරම්භ වීමට නියමිතය.

නව වසරේ පළමු පාසල් වාරය පෙබරවාරි මස 19 වනදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යවරයා මීට පෙර සඳහන් කළේය.