Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලාබාල ගුවන් හමුදා සෙබළියක් දූෂණය කළ අණදෙන නිළධාරියා මාට්ටු

3 years ago

,මත්තල ගුවන් හමුදා කදවුරේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කල රණසිංහ ආරච්චිගේ දොන් සම්පත් ජානක ප්‍රශන්න රණසිංහ යන අය ඊයේ (20) පෙරවරුවේ ත්‍රීකුණාමලය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ චීනවරාය ගුවන් හමුදා කදවුරේ 21 හැවිරිදි ⁣ගුවන් හමුදා සෙබළියක් 2019.05.29 දින දූෂණය කල බවට සැකපිට මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණා.

2019 වසරේදී සිදුවු මෙම සිද්ධිය සම්බන්ධයෙන් චීනවරාය පොලිසිය විසින් විධිමත් අන්දමින් විමර්ශනයක් සිදු නොකිරීම හේතුවෙන් ත්‍රීකුණාමලය ජේෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතා විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 125 ප්‍රකාරව බලය පවරන ලද විමර්ශනයක් ලෙස මෙම විමර්ශනය ත්‍රීකුණාමලය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ගුවන් හමුදා සෙබළිය දූෂණය කිරීමට අදාල නිලධාරියාට ආධාර අනුබල දුන් බව පැවසෙන එවකට චීනවරාය ගුවන් හමුදා කදවුරේ කෝප්‍රල්වරයෙකු ලෙස කටයුතු කල ඒකනායක මුදියන්සේලාගේ ධම්මික බංඩාර වික්‍රමසිංහ ඒකනායක යන අයද මෙම සිදුවිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව ත්‍රීකුණාමලය පොලිසිය පවසනවා.

අදාල ගුවන් හමුදා වින්ග් කොමාන්ඩර් ඊයේ සවස ත්‍රීකුණාමලය අතිරේක මහෙස්ත්‍රාත් අන්නතුරෙයි දර්ශනී මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 02 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙනවා.