Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රට පුරා වේගයෙන් පැතිර යන වෛරසය කොවිඩ් ප්‍රභේදයක්දැයි සැකයක්! හැකි සෑමවිටම මුහුණු ආවරණ පළඳින ලෙස දැනුම්දීමක්!

3 years ago

රටේ ශීඝ්‍රයෙන් පැතිරී යන ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය කොවිඩ් වයිරසයේ ඔමික්‍රොන් ප්‍රභේදයේ JN.1 උප ප්‍රභේදය විය හැකි යැයි අනුමාන කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශල්‍ය ජෛවවිද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය මහාචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

නැවතත් කොවිඩ් වයිරසය සමාජය තුළ පැතිරෙමින් ඇති බවත් යළිත් වරක් මුහුණු ආවරණ පැලඳීමට ජනතාව යොමුවීම වඩාත් උචිත බවත් මහාචාර්යවරයා දැනුම් දීමක් කරයි.

JN.1 කොවිඩ් උප ප්‍රභේදයේ රෝග ලක්ෂණ වන්නේ කැස්ස, සුවඳ නැතිවීම සහ රසය නැති වීම මෙන්ම අධික උණ, හුස්ම ගැනීමේ අපහසුතා, තෙහෙට්ටුව, ආහාර ගැනීමට නොහැකි වීම සහ වමනය බවද මහාචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කරයි.

ලෝකයේ අනෙකුත් රටවල්වලින්ද මෙම තත්ත්වය නිරීක්ෂණය වී ඇති බවත් මෙම රෝග ලක්ෂණ පවතීනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසත් ඔහු දැනුම් දීමක් කරයි.

මේ අතර මේ දිනවල වැඩිහිටියන් සහ ළමුන් අතර පවතින මෙම ඉන්ෆ්ලුවෙන්සා වයිරසය සම්බන්ධව අදහස් දක්වමින් පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ මල්කාන්ති ගල්හේන මාධ්‍යට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මෙම වයිරසය ආසාදනය වූ පුද්ගලයන්ට වෙනත් ඉන්ෆ්ලුවෙන්සා වයිරස ආසාදනය වූවාට වඩා ශරීරයට වේදනාවක් ඇතිවන බවය.

විශේෂයෙන් වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන් සහ ශ්වසන රෝග ඇති පුද්ගලයන් මෙම වයිරසය වැලඳී ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසට දැනුම් දෙයි.

එසේම මෙම වයිරසය වැලඳුනු පුද්ගලයකුගෙන් දින දෙකක පමණ කාලයක් තුළ එම වයිරසය තවත් අයකුට සමීප ආශ්‍රයකින් වැලඳිය හැකි බව ඇය අවධාරණය කළාය.