Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උසස් පෙළ විභාගය සමතුන්ට දැනුම්දීමක්

3 years ago

ඉකුත් නොවැම්බර් 24 වැනි දා නිකුත් කරන ලද 2022(2023) උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අනුව 2022(2023) අධ්‍යන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලද නව අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවීම, අද (22) සිට 29 දක්වා අන්තර් ජාලය ඔස්සේ සිදු කරනු ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව එම අයදුම්කරුවන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන www.ugc.ac.lk වෙත පිවිස, එහි ඇති අයදුම්පත පුරවා අයදුම් කරන ලෙසයි ඉල්ලා සිටින්නේ.

කෙසේ වෙතත් මෙම අවස්ථාව විශ්වවිද්‍යාල, මණ්ඩප හා උසස් අධ්‍යාපන ආයතන මගින් පවත්වා අවසන් කර ඇති යෝග්‍යතා පරීක්ෂණ පවතින අධ්‍යන පාඨමාලා සඳහා අයදුම් කිරීමට අදාළ නොවන බව ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.