මෙවර පාසල් වාරයේ දීර්ඝතම නිවාඩුව අදින් (22) ආරම්භ වනවා.
ඒ අනුව රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් තුන්වන වාරයේ පළමු අදියර අදින් අවසන් වන අතර, දෙවන අදියර සඳහා පාසල් යළි විවෘත වන්නේ ලබන පෙබරවාරි මස 1වනදායි.
උසස් පෙළ විභාගය ලබන මස 4 වනදා ආරම්භ වන අතර, ජනවාරි 31 වනදා දක්වා විභාගය පැවැත්වීමට නියමිතයි.
ඊට පෙනී සිටින අයදුම්කරුවන්ට විභාගය ප්‍රවේශ පත්‍රයේ විෂය, මාධ්‍ය, උපන් දිනය සහ නම මාර්ගගතව සංශෝධනය කර ගැනීමට ලබා දුන් කාලය අද (22) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළා.

