එළඹෙන සතියේ අඛණ්ඩව විදුලිය සැපයීමට කටයුතු කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා එම මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව සැලසුම් කර ඇති සියලුම විදුලි විසන්ධි කිරීම් අත්හිටුවන ලෙසටයි ඔහු දැනුම් දී ඇත්තේ.
නඩත්තු කටයුතු සඳහා සැලසුම් කර ඇති විදුලිය විසන්ධි කිරීම් පිළිබඳ ජාත්‍යන්තර මිණුම් සලකුණු හා සමගාමීව විදුලි බල මණ්ඩලය විසින් මාර්ගෝපදේශ නිකුත් කර තිබනවා.
නිතර විදුලි සැපයුම අත්හිටුවන බවට පාරිභෝගිකයන්ගෙන් ලැබුණු පැමිණිලි සමාලෝචනය කිරීමෙන් අනතුරුව අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
අතිකාල ලබා ගැනීම සඳහා සති අන්තයේ අත්‍යවශය නොවන නඩත්තු කටයුතුද සිදු කරන බව අමාත්‍යංශයට නිරීක්ෂණය වී ඇති බව වාර්තා වේ.

