නිවසට අවශ්‍ය පොල්තෙල් රැගෙන ඒමට වෙලදසැලට ගිය තරුණයෙකු නිවස අසල පඩිපෙලින් ලිස්සා ඇද වැටී දින මිය ගිය පුවතක් නාවලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙසේ ජිවිතක්ෂයට පත් වී ඇත්තේ නාවලපිටිය ගොරකඔය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් අසාද් නම් 20 හැවිරිදි තරුණයයි.
මෙම තරුණයා ඊයේ(22) උදැසන 11 ට පමණ නිවසට අවශ්‍ය පොල් තෙල් රැගෙන ඒම සදහා නිවස අසල පිහිටි වෙලඳසැළ වෙත යන අවස්තාවේ පඩිපෙලින් ලිස්සා ඇද වැටි ඇති බවයි පවසන්නේ.
තරුණයා ඇඳ වැටීමේදී පොල්තෙල් රැගෙන එමට රැගෙන යමින් තිබු හිස් බෝතලයට බෙල්ල ප්‍රදේශය බරපතල ලෙස තුවලා සිදුව ඇති බව වාර්තා වනවා.
තුවාලකරුව කඩිනමින් අසල්වාසින් විසින් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇතත් ඒ වන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බව නාවලපිටිය පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

