රට පුරා පාතාල කල්ලි සාමාජිකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් ක්‍රියාත්මක කර ඇති මෙහෙයුම තාවකාලිකව නතර කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව අද දිනයේ සිට දින තුනක කාලයක් යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක නොවන බව පොලිස් මූලස්ථානය පවසයි.
උත්සව සමය වෙනුවෙන් පොලිස් නිලධාරීන් විශේෂ රාජකාරී සඳහා යෙදවීමට අවශ්‍ය වී ඇති නිසා මෙම පියවර ගෙන ඇත.
කෙසේ වෙතත් මෙම දින තුනක කාලය අවසන් වූ පසු යළිත් එම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

