මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් (Avenra Garden) හෝටලයේ මුළුතැන්ගෙය ඉතා අපිරිසිදුව පවත්වාගෙනයාම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එයට සීල් තබා තිබෙන බවට වාර්තා වනවා.
ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එම හෝටලයට නඩු 3ක් පවරා ඇති බවත්, ඒවා ලබන ජනවාරි 02 වැනිදා කැඳවීමට නියමිත බවත් සඳහන්.
මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් හෝටලයේ අහාර පිලියෙල කිරිම සඳහා භාවිතා කළ කුස්සිය ඉතාමත් අපිරිසිදු තත්වයක තිබී ඇති අතර, කිසිදු ප්‍රමිතියකින් තොරව එහි අධිශිතකරණවල සහ ශිතකරන වල පිසිමට ගන්නා මස් මාලු ගබඩා කර තබා තිබෙනවා.
මීට අමතරව පිසින ලද ආහාරද ශිතකරණවල ගබඩා කර තිබී ඇති අතර එහි තිබු පානිය ජල බෝතල් පවා කල්ඉකුත්වු ඒවා බවද වාර්තා වනවා.
