ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නීතිඥවරු දසදෙනකු ජනාධිපති නීතිඥවරුන් ලෙස පත්කර තිබෙනවා.
එම නීතිඥවරු ශ්‍රේෂ්ඨාධිකරණයේ දී දිවුරුම් දීමට නියමිත අතර ඉන් අනතුරුව පත්වීම් ලැබූවන් ජනාධිපති නීතිඥයන් ලෙස සලකනු ලබනවා.
ඒ අනුව චමන්ත වීරකෝන්, ආචාර්ය අසංග ගුණවංශ,මොහොමඩ් ආදමලි, හර්ෂ ප්‍රනාන්දු, චාර්ය සිවාජි ෆීලික්ස්, යිස මාකර්,කෞෂල්‍ය නවරත්න, උපුල් කුමරප්පෙරුම,විරාන් කොරයා සහ එරාජ් ද සිල්වා යන අය මෙලෙස ජනාධිපති නීතිඥවරුන් ලෙස පත්කර තිබෙනවා.
ජනාධිපති නීතිඥ පදවියකට පත් කර ඇති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා ජාතික ජන බලවේගයේ ප්‍රබල සාමාජිකයෙකු වීම දේශපාලන ලෝකය තුළ කතාබහක් නිර්මාණය කිරීමට සමත්ව ඇත.

