උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට හෙට (26) දින සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත් වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට පස්වරු 2න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
එමෙන්ම, මධ්‍යම කදුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවල ඌව සහ උතුරු මැද පළාත් වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැයට කිලෝ මිටර 40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බව ද සඳහන් වෙනවා.

