Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජාතික සුරක්ෂිතතා දිනය හෙටයි! උදෑසන 9.25ට නිශ්ශබ්ද වන ලෙස ඉල්ලීමක්!

3 years ago

සුනාමි ව්‍යසනයට වසර 19 ක් සපිරෙන හෙට දිනයේ ජාතික සුරක්ෂිතතා දිනය සැමරෙනවා.

ඒ අනුව සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මියගිය ජනතාව සිහිපත් කිරීම වෙනුවෙන් දිවයින පුරා පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කරනවා.

සුනාමි සැමරුම් ප්‍රධාන උත්සවය ගාල්ල – පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරු 8.30 සිට 11.00 දක්වා පැවැත්වෙනවා.

ඊට දේශපාලන නියෝජිතයින්, ආරක්ෂක ලේකම්වරයා ඇතුලු ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහභාගිවීමට නියමිතයි.

2004 වසරේ දෙසැම්බර් 26 වනදා සිදුවූ මෙම ව්‍යසනයෙන් 35,000 කට අධික පිරිසක් මියගොස් තවත් 5,000 කට අධික පිරිසක් අතුරුදන් වුණා.