Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අලුත් කොරෝනා ප්‍රභේදය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්! අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව මෙන්න!

3 years ago

කොවිඩ් 19 වෛරසයේ උප ප්‍රභේදයක් වන JN1 හේතුවෙන් මෙරට තුළ වසංගත තත්වයක් ඇතිවීමේ අවදානම ඉතා අවම යයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සංවෘත වාතාශ්‍රය අඩු, ජනාකීර්ණ ස්ථානවල මුව ආවරණ පැළදීම, නිතර අත් සේදීම, දුරස්ථ භාවය පවත්වා ගැනීම, කැස්ස සහ කිවිසුම් ආචාර පවත්වා ගැනීම මගින් ඉන්ෆ්ලුඑන්සා සහ වෙනත් ශ්වසන රෝග පැතිරීම වැළැක්වීම විශාල ලෙස අවම කර ගත හැකි බව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය කියයි.

අවුරුදු 60ට වැඩි පුද්ගලයින්, නිදන්ගත රෝගවලින් පෙලෙන්නන්, ගර්භනී මවුවරුන් ශ්වසන රෝගවලට ගොදුරු වුවහොත් සංකුලතා ඇතිවීමේ අවදානම වැඩි බැවින් ඔවුන් විශේෂයෙන්ම ප්‍රවේශම් විය යුතු බවත් නිවේදනයේ දැක්වෙයි.