Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රටවල් රැසක හපනුන් පරදවමින් නාසා ආයතනයේ චිත්‍ර තරගයක් ජය ගැනීමට පුංචි ලෝෂිත සමත් වෙයි! සිතුවම නාසා ආයතනයේ කැලැන්ඩරයටත් ඇතුළත් කරයි!

3 years ago

නාසා ආයතනයේ 2024 වසරේ දින දර්ශනයට සිය සිතුවම ඇතුළත් කරගන්නට තරම් දක්ෂතා දක්වන්නට පුංචි සිත්තරෙක් සමත් වී තිබෙනවා.

තිරප්පනේ ප්‍රදේශය් වාසය කරන ඔහු නමින් දහම් ලෝෂිත ප්‍රේමරත්නයි.

තිරප්පනේ මහානාම ප්‍රාථමික විද්‍යාලයේ 02 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන පුංචි දරුවෙක්.

චිත්‍ර ඇදීමට සහජ දක්ෂතාවයක් දක්වන දහම් විවිධ ජාතික සහ ජාත්‍යන්තර තරග වලට සිය නිර්මාණ ඉදිරිපත් කර තිබෙනවා.

නාසා ආයතනය මගින් සංවිධාන කරන චිත්‍ර තරඟාවලියක් සඳහා “අභ්‍යාවකාශයේ ජීවත්වීම සහ වැඩ කිරීම ” තේමාව යටතේ දහම් ඉදිරිපත් කළ චිත්‍රයක් පළමු තැන දිනා ගන්නේ ලෝකයේ බොහෝ රටවල පුංචි චිත්‍ර ශිල්පීන් පරාජය කරමින්.

දහම්ගේ මෙම ජයග්‍රහණයත් සමඟ ජයග්‍රාහී චිත්‍රය නාසා ආයතනයේ 2024 වසර සඳහා වන දින දර්ශනයේ ජුලි මාසය සඳහා ඇතුළත් කොට තිබෙනවා.