රාජ්‍ය සේවාවේ පවතින ගැටලු විසඳීම වෙනුවට රාජ්‍ය සේවකයන්ගේ දැනට පවතින නිවාඩු වසරකට 25 දක්වා
කප්පාදු කිරීමට ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කර ඇති යෝජනාවට රාජ්‍ය පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමය විරෝධය පළ කරයි.
රජයේ නිලධාරීන්ට දැනට වසරකට හිමි දින 45ක් වන අනියම් හා විවේක නිවාඩු සංඛ්‍යාව 25 දක්වා අඩු කිරීම සඳහා ආයතන සංග්‍රහයේ විධිවිධාන සංශෝධනය කරන ලෙස විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩී. ඩයස් විවෘත හා වගකිව යුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට පසුගියදා යෝජනා කර තිබිණි.
අනියම් නිවාඩු දින 10ක් සහ විවේක නිවාඩු 15ක් වශයෙන් නිවාඩු අඩු කරන ලෙස එමඟින් යෝජනා කර තිබේ.
2016 වසරෙන් පසුව රාජ්‍ය සේවයට පැමිණෙන පිරිසට විශ්‍රාම වැටුප් හිමිකම කප්පාදු කිරීම, පවතින ජීවන වියදමට සරිලන වැටුපක් රාජ්‍ය සේවකයාට නොලැබීම, ඔවුන්ගේ අවුරුද්දකට වැඩිවෙන වැටුප් වර්ධකයක අගය රුපියල් 350 – 400 අතර පැවතීම සහ දේපළ ණය නතර කිරීම ඇතුළු ගැටලු බොහොමයක් තිබියදී ඒවාට විසඳුම් නොදී වැටුප් අධ්යක්ෂ ජනරාල්වරයා විසින් රාජ්‍ය සේවකයන්ගේ නිවාඩු කප්පාදු කිරීම අසාධාරණ බවද ලේකම්වරයා සඳහන් කළේය.

