Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොවිඩ් වැළඳුණු පුද්ගලයන්ට හෘදයාබාධ වැළඳීමේ අවදානමක්

3 years ago

පශ්චාත් කොවිඩ් යුගය ගෝලීය හෘදයාබාධ වසංගත තත්ත්වයක් වීමේ අවධානමක් පවතින බවට පර්යේෂකයන් පිරිසක් මත පළ කරනවා.

ඒ ප්‍රාථමික සෛල ක්‍රියාවලි පිළිබඳ සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵල මතයි.

ජපාන විශේෂඥයන් පිරිසක් එම පර්යේෂණ වාර්තාව ප්‍රකාශයට පත්කරමින් කොරෝනා වෛරසයේ බලපෑම මත ඇතිවන දීර්ඝ කාලීන සංකූලතා අනාගතයේදී වැඩි වශයෙන් හෘදයාබාධ සඳහා ඉඩ විවර කරනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

කෙසේ වෙතත් ගෝලීය වසංගත තත්ත්වයකට මුහුණදීමෙන් පසු අදාළ වෛරසයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ පුළුල් අධ්‍යයනයකින් තොරව එවැනි මතයක් ප්‍රකාශ කළ නොහැකි බවද ඇතැම් විද්වතුන් සඳහන් කර තිබෙනවා.