Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

fuel

සිපෙට්කෝ ෂෙඩ් කලින් වහන්න වෙලා

3 years ago

ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග අවශ්‍ය තරම් පැවතියත් ඉන්ධන අලෙවිය අඩු වී තිබෙන බව ඉන්ධන හල් හිමියන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඉන්ධන අලෙවිය අඩුවීමත්, විදුලි බිල වැඩිවීමත් නිසා බොහෝ ඉන්ධන හල් රාත්‍රී 9.00 හෝ 10.00 වනවිට වසා දමන තත්ත්වයක් පවතින බව ඒ මහතා සඳහන් කරනවා.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ සේවක වැටුප්, අතිකාල ගෙවීම වැනි කටයුතු සඳහා වැඩිපුර ගෙවීම සිදුකිරීමට අපොහොසත් වීම නිසා ඉන්ධන හල් හිමියන් එසේ සිදුකරන බවත් වෙනත් වර්ෂවලදී උත්සව සමය තුළ ඉන්ධන පිරවුම්හල් අලුයම 1.00 හෝ 2.00 දක්වා විවෘතව තබාගෙන සිටි බව සභාපතිවරයා වැඩිදුරටත් පවසනවා.