Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නොසිතූ මොහොතක අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත් ජාතික රෝහලේ හෙදිය

3 years ago

කොළඹ ජාතික රෝහලේ සේවයේ නිරතව සිටි හෙදියක් අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ගොස් ඇත්තේ 24 හැවිරිදි වියේ පසුවූ බණ්ඩාරවෙල මකුල්ඇල්ල ප්‍රදේශයේ පදිංචි සදුනිකා සමරවීර නමැති හෙදියකි.

ඇය නිවාඩුව සඳහා බණ්ඩාරවෙල පිහිටි ඇයගේ නිවසට ගොස් ඇති අතර එහිදී විනෝද ගමනක් යාම සඳහා සූදානම්ව සිටියදී එක්වරම ඇදවැටීමත් සමග රෝහල්ගතකිරීමට පියවර ගෙන තිබේ.

ඇයගේ මරණයට හේතුව මේ දක්වා අනාවරණය වී නොමැති අතර සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.