Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලංකා විදුලිබල මණ්ඩලයෙන් නිවේදනයක්

3 years ago

දිවයින පුරා විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩල‍ය වරද පිළිගත් බවට මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා කළ ප්‍රකාශය සාවද්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

දිවයින පුරා සිදුවු හදිසි විදුලි බිඳවැටීම තම මණ්ඩලය අතින් සිදුවු වරදක් බවට ලංකා විදුලිබල මණ්ඩලය පිළිගෙන ඇති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රකාශයක් නිකුත් කර තිබුණා.

මහජන උපයෝගීතා කොමිෂන් සභාව තවදුරටත් පවසා ඇත්තේ පැය 5කට ආසන්න කාලයක් විදුලි බිඳවැටීම යථාතත්ත්වයට පත් කිරීමට හැකියාව නොලැබීම තම මණ්ඩලයේ ගැටලුකාරී තත්ත්වයක් බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර ඇති බවයි.