Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තම ලෙයින් උපන් 13 හැවිරිදි දියණිය දූෂනය කළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට! බිරිඳටත් පහරදීලා!

3 years ago

බිරිඳට පහරදී තම වයස අවුරුදු දහතුනක දියණිය අපයෝජනයට ලක් කළ පොලිස් කොස්තාපල්වරයෙක් ඊයේ (27) අනුරාධපුර පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.

මේ අතර, අදාළ සිදුවීම සම්බන්ධයන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව කොස්තාපල්වරයාගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගෙන තිබුණා.

මෙම සැකකරු අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර මේ වන විට රැඳවුම් නියෝග ලබාගෙන ඔහුගෙන් ප්‍රශ්න කෙරෙමින් පවතින බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම, අපයෝජනයට ලක් වූ බව පැවසෙන දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවද පොලීසිය සඳහන් කළා.