Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ක්‍රීඩා පුහුණුවකට සිසුන් රැගෙන යන බව දෙමාපියන්ට පවසා පිරිමි ළමුන්ව ලැගුම්හලකට රැගෙන ගිය ගුරුවරයෙක් පොලිසියට කොටු වෙයි

3 years ago

එප්පාවල නගරයේ ලැඟුම්හලක පාසල් ළමුන් දෙදෙනෙක් සමඟ සැක කටයුතු ලෙස නවාතැන්ගෙන සිටි ගුරුවරයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ 51 හැවිරිදි ක්‍රීඩා ගුරුවරයෙක් ඊයේ (28) මෙලෙස එප්පාවලදී අත්අඩංගුවට ගත් බවයි.

මෙම ගුරුවරයා ඔහුගේ පාසලේ 08 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙක් සමඟ මෙලෙස නවාතැන්පොළේ රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ.

අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ 27 වැනිදා පැවැත්වෙන වොලිබෝල් පුහුණුවක් සඳහා ළමුන් දෙදෙනා රැගෙන යන බව මව්පියන්ට දැනුම් දී ඔවුන් දෙදෙනා මෙලෙස කැඳවාගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

එලෙස කැඳවාගෙන පැමිණි ළමුන් දෙදෙනා යළි නිවෙස්වලට නොයවා ලැඟුම්හලක රඳවාගෙන සිටියදී ඊයේ (28) කිසියම් පුද්ගලයෙක් පොලිසියට කළ දැනුම්දීමක් අනුව සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු ගුරුවරයා අද (29) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව එප්පාවල පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.(source – madyawediya)