යුක්තිය මෙහෙයුමට සමගාමීව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පදිංචි ස්ථාන වෙනස් කරමින් සැගව සිටීමට දරණ උත්සහයන් වැලැක්වීමට සහ ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සිට ස්ථානාධිපතිවරුන්ට මෙම උපදෙස් මාලාව ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.
මෙහෙයුමේ වැටලීම් අතරතුර පොලිස් නිලධාරියෙකු අතින් පුරවැසියෙකුට වරදක් සිදු වුණහොත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුවත් කළ හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

