Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දිවයින පුරා සරම්පා රෝගයේ ව්‍යාප්තියක්! දිස්ත්‍රික්ක 9ක දරුවන්ට අමතට සරම්පා එන්නතක් ලබාදීමට තීරණයක්!

3 years ago

මේ වනවිට දිවයින පුරා සරම්ප රෝගය ව්‍යාප්ත වන බැවින් මාස 06-09 වයස්වල පසුවන දරුවන් වෙනුවෙන් අමතර සරම්ප එන්නත් ලබා දීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් පාලිත මහිපාල පවසා තිබෙනවා.

ඒ අනුව මෙම එන්නත් ලබා දීම ලබන ජනවාරි මස 06 වනදා සිට දිස්ත්‍රික්ක 09ක පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා සිදු වන බවයි වාර්තා වන්නේ.

මේ වසරේ මැයි මාසයේ සිට මේ දක්වා කාලය තුළ සරම්ප රෝගීන් 700කට අධික සංඛ්‍යාවක් වාර්තා වන බවයි සඳහන් වන්නේ.