Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශිෂ්‍යත්ව හා සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීම්වලට සහභාගී වූ ගුරුවරුන් ගැටලුවක

3 years ago

සාමාන්‍ය පෙළ හා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ඇගයීම් දීමනා මෙතෙක් ගුරුවරුන්ට ලබා දී නොමැති බව වෘත්තීය සමිති විසින් චෝදනා කරනවා.

ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ, මේ හේතුවෙන් ගුරුවරුන් දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි.

එළැඹෙන උසස් පෙළ විභාගයේ ගුරුවරුන්ට ලබා දෙන ඇතැම් දීමනාද කප්පාදු කර ඇති බව මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා පැවසුවේ , පසුගිය විභාග ඇගයීම්වලට අදාළ සියලු ගෙවීම් ලබන 31 වැනිදා වනවිට ගුරුවරුන්ට ලබා දීමට කටයුතු කරන බවයි.

මෙවර උසස් පෙළ විභාගය සඳහා මේ වනවිට ප්‍රමාණවත් ගුරුවරුන් සංඛ්‍යාවක් ඉල්ලුම් කර ඇති බවත්, ඔවුන්ගේ පත්වීම් ලිපිය නිකුත් කරන අවස්ථාවේ සියලු ගෙවීම් සම්බන්ධයෙන් දැනුවත් කරන බවද ඔහු ප්‍රකාශ කළා.