ලබන වසරේ ජනවාරි මස සිට වයස අවුරුදු 18 ට වැඩි සියලුම දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තු ලියාපදිංචි අංකය (TIN Number) ලබාගත යුතු බව දේශීය ආදායම් කොමසාරිස් ඒ එම්. නෆීර් මහතා පවසනවා.
එකතු කළ අගය මත බදු (VAT) සංශෝධන පනත සහ එහි බලපෑම” යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඉකුත් 28 වෙනි දින පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
බදු ගෙවීම සඳහා ආදායමක් පවතින්නේ නම් පමණක් ඔවුන් ආදායම් බදු ගෙවිය යුතු බවත් හැම දෙනාටම ජාතික හැඳුනුම්පත් අංකයක් තිබෙන ආකාරයට දේශීය ආදායම් දෙපාර්තමේන්තු ලියාපදිංචි අංකයක් (TIN Number) ලබාදීම මෙහි අරමුණ බවත් දේශීය ආදායම් කොමසාරිස් ඒ එම්. නෆීර් මහතා මෙහිදී සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ එම්. නෆීර් මහතා,
“2024 ජනවාරි මාසයේ සිට වයස අවුරුදු 18ට වැඩි සියලුම දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය (TIN Number) ලබා ගත යුතුයි. මෙය වරදවා වටහාගන්න එපා. ලියාපදිංචි අංකය ලබාගැනීම සහ බදු ලිපිගොනු විවෘත කිරීම කාරණා දෙකක්. සෑම දෙනකුටම ජාතික හැඳුනුම්පත් අංකයක් තිබෙනවා වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකයක්ද පැවතිය යුතුයි. බදු ගෙවීම සඳහා තරම් ආදායමක් පවතින්නේ නම් පමණක් ඔවුන් ආදායම් බදු ගෙවිය යුතුයි. එවිට ඔවුන්ට අදායම් බදු ගෙවීම සඳහා ලිපි ගොනුවක් විවෘත කිරීම සිදු වෙනවා.”

