අද (30) ඉන්දියන් සාගරයේ ඇති වූ භූ චලනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව වාර්තා වේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය මේ බව සඳහන් කරයි.
උතුරු සුමාත්‍රා මුහුදේ අද (30) පෙරවරු 11ට පමණ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.
ඉන්දුනීසියානු භූ විද්‍යා අංශ සඳහන් කළේ එය රික්ටර් මාපකයේ ඒකක 6.6ක් ලෙස සටහන් වී ඇති බවයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මින් පෙර සඳහන් කළේ වෙරළබඩ ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි.

