Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් විනෝද චාරිකාව මළගමකින් නිමා වෙයි

3 years ago

පාසල් නිවාඩුවට ත්‍රිකුණාමල⁣යේ සංචාරකට පැමිණි කරුණැගල මාවතගම වටරැක මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් මාබල්බීච් මුහුදේ දිය නාද්දි එක් සිසුවකු සැඩ පහරට හසුව ගසාගෙන ගොස් අතුරැදහන් වී ඇතැයි චීන වරාය පොලිසිය පවසනවා.

මෙම කණ්ඩායමට සිසුන් 10 ක් සිසුවියන් 12 ක් ගුරුවරයකු හා මව්පියන් තිදෙනකු ඇතුලත් වි ඇති අතර දිය නැමට සිසුන් තිදෙනකු මුහුදට බැස ඇති බව පොලිසිය කියයි.

තිදෙනා සැඩ පහරට හසුව ගසා ගෙන යද්දී දෙදෙනකු ගුවන් හමුදා ජිවිතාරක්ෂකයන් විසින් බේරාගෙන තිබේ.

මෙලෙස අතුරැදහන් වී ඇත්තේ කුරුණැ⁣ගල,මාවතගම ,ඉගුරැවත්ත පදිංචි වටරැක මහා විද්‍යාලයේ මෙවර අ.පො.ස.(සා.පෙල) විභාගයට පෙනි සිටි බි.ජී.සුදර්ශණ ප්‍රමෝද් සුභසිංහ (17) නැමැති සිසුවාය.

නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් සිසුවා සොයා මෙහෙයුමක් දියත් කර ඇති අතර චීන වරාය පොලිසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.